ජන කවියේ මාධූර්‍ය

ජනකවිය වනාහී අපට අපගේ පුරාණ මුතුන්මිත්තන්ගෙන් ලැබුණා වූ දායාදයකි. එය එකල ඔවුන්ගේ සරල ජීවන රටාව මනාව හෙලිදරව් කරයි . ගමයි, පංසලයි,වැවයි, දාගැබයි, යන තේමාව පෙරටු කරගත් ඔවුන් තම හදවතින්ම සිංහලත්වයට ගරු සරු ඇත්තවුන් විය . සරළ භාෂාවක් යොදා ගත්තද ජන කවිය තුළින් අන් සිත් ආකර්ෂණය කරගැනීමට ඔවුන් සමත් කම් දැරීය . පුරාණ වෙදකම, කර්මාන්ත , ගැමි කතුන්ගේ සුන්දරත්වය , ජීවන රටාව, උපදේශ , පරිසර වර්ණනා , ඉතිහාස කතා, අදී එකී මෙකී සියළු දෑ එවහි අන්තර්ගත වීම පුදුම එලවන සුළුය . ඒ අතරින් ජන කවියා ගැමි කතුන්ගේ සුන්දරත්වය ඉහළින්ම වර්ණනා කල අතර ඉන් ඔවුන් එම සුන්දරත්වයට වචනයකින්වත් හානියක් නොවන පරිදි ඔවුන්ගේ සිතුම් පැතුම් කවියට නැගීමට තරම් සොදුරු විය . කතෘ අවිනිශ්චිත වුවද ජන ගී පරම් පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවේ එහි ඇති වියත් බව මෙන්ම සොදුරු බව නිසාවෙනි. මෙහිදී එකළ ගැමියන් අතර සංවාදත්මක ලෙස සිදු වූ යම් යම් සන්නිවේදන කටයුතු දැකිය හැකිය . ඒ සදහා ඔවුන් ජන ගීය යොදාගෙන ඇත . එකෙකු නගන ප්‍රශ්නයකට හෝ කරුනකට කවියෙන් හෝ තේරවිලි ස්වරූපයෙන් පිළිතුරු දීම් ප්‍රතික්ෂේප කිරීම, අනුමත කිරීම් ආදිය මෙවැනි ජන ගී තුළින් සිදු විණි.
උදාහරණයක් ලෙස
පිරිමියා ; අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
සැමියෙකු නොමැති මග තනියම කිම්ද නගෝ
අම්බලමේ නැවතී අපි යමුද නගෝ
මහ රෑ කිසිවෙකු නොමැතිව පාළු මගක ගමන් කරන සුන්දර ස්ත්‍රියක් දකින තරුණයෙකු එම ස්ත්‍රියගෙන් මෙලෙස විමසන අතර එ තුළ ඔහු හා රැය පහන් කිරීම සදහා වූ ආරාධනයක් ද ගැබ් වී ඇත, එමෙන්ම ඔහු ඇය විවාහකද නැතිද යන කුකුසෙන්ද පසුවන බව ද මෙලෙස අගවයි. ඔහු කවියෙන් කරන ඇරයුමෙන් ඒ පිළිබද හෙලි වේ. ඒ පිළිබද කෝප නොගන්නා ඇය තරුණයාට මෙලෙස පිළිතුරු දෙයි.
ස්ත්‍රිය ; අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
වසාගෙන දෙතන බිළිදුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යන්නම් අයියන්ඩි ගම බෝ දුර හන්දා
මෙහිදී ඇය කවිය උපයෝගී කරගෙන ඔහුගේ සියළු ප්‍රශ්න සදහා පෙරලා පsළිතුරු සපයයි. ජන සන්නිවේදනයේ සරල සුගම බව කොතෙක්ද යත් ඇය ඔහුගේ නොහොබිනා අරාධනාව ඉතාම නිහතමානි ලෙස ප්‍රතික්ශේප කර ඇය විවාහක, මෙන්ම දැරුවෙකු සිටින මවක් බවත් අගවා තම සැමියාගේ බාල සොයුරා තමා හා පැමිණි බව වැඩි දුරටත් පවසා නික්ම යයි.
ගැමි සන්නිවේදනයේ , භාෂාවේ සරල බව, අව්‍යාජ බව මෙමගින් මනාව අනාවරනය වන අතර මේලෙස ජන ගායනා යොදා ගනිමින් සංවාදාත්මකව එකළ සන්නිවේදනය සිදු වූ අයුරු පැහැදිළි වේ.
2
ජන ගීයෙන් වැඩිපුර උපදේශාත්මක පණිවිඩ සමාජ ගත කළ අතර ඒවා යොදා ගනිමින් එකළ පැරැන්නන් තම අවවාද අනුශාසනා ඉතා හොදින් මතු පරපුරට සන්නිවේදනය කරන ලදී . ජන කතා ගත් කළ බොහෝමයක් කතා අවසන් වනුයේ රසාස්වාදයට අමතරව උපදේශයක්ද දෙමිනි.
උදාහරණයක් ලෙස
කළේ අරන් ළිද ලග ගොස් නොසිටින් න
පිලේ පැදුර හිමි නැති කල නොතබන් න
කැලේ ගොසින් තනියම දර නොබිදින් න
කැලේ වැවෙන වැඩකට ඉඩ නොතබන් න
මෙම ජන ගීය ගත් කල විවාහ පත් වූ පසු ගැහැණියකට තම ජීවිතය නිසි අයුරින් ගත කරන්නේ කෙසේද යන්න පිළිබ| මනා ආදර්ශයක් ලබා දෙයි. දිය ගෙන ඒමට ගිය පසු ඕපදූප සොයමින් නිකරුනේ කාලය නාස්ති නොකරන ලෙසත් , තම සැමියා නිවසේ නැති අතරේ අන් පුරුෂ සේවනය නොකරන ලෙසත් , තනිව පාළු තැන් වලට නොයන ලෙසත් හා ගේ දොර හොදින් පිරිසිදුව තබා ගන්නා ලෙසත් ආදී වූ මහත් වටිනා ආදර්ශ රැසක් ව්‍යංගාර්ථව කවියෙන් පවසයි. එකළ ගැහැණු දරුවෙකු විවාහ වී තම නිවසින් බැහැර වන විට වැඩිහිටි අය විසින් මෙවැනි කවි පවසමින් ඇයට විවාහ ජීවිතය පිළිබද මනා වැටහීමක් මෙන්ම උපදේශයන්ද ලබා දී ඇත
හේනේ , පැලේ , රැය පහන් කරන ගොවියාත්, පතලේ කම්හලේ වෙහෙසී වැඩ කරන ගැමියාත් තම දුක්ගැනවිලි කවියට පෙරලුවේ කට කහනවට නොවේ , එමගින් ඔවුන් අනිත් අසාසිටින කෙනෙකු හෝ පරිසරය සමග තම දුක බෙදා ගත් අතර එමගින් සිත සැහැල්ලු කරගත් අතර තම ජීවිතයේ කටුක සත්‍ය ස්වභාවය එලෙසින්ම නොසගවා කීමට තරම් අව්‍යාජ විය.
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
පතලක් තුල තම තාරුණ්‍ය දිය කර හරින තරුනයෙකුගේ අනුවේදනීය වැලපීමක් ලෙසින් මෙය පෙනුනද ඔහු ගත් කරන කටුක ජීවිතය හර බර ලෙස අනිත් සිත් ස්පර්ශ කරන ආකාරයෙන් ගොතා ඇති අතර ස්න්නිවේදන කාරියයේදී රසාත්මක බව අභිබවා ගිය අව්‍යාජ බවක් දක්නට ලැබේ.යම් යම් වෘතීමය කරුණු ඉස්මතු කිරීම් පිළිබදව කතා කිරීමේ දී ජන ගී එහිලා ප්‍රමුඛ තැනැක් ගනී.
තවද බොහෝ ජන ගී කියවී ඇත්තේ වෘතීමය පසුබිමක් තුළ නිසාවෙනි. එහිදී කෘෂිකර්මාන්තය , පැදුරු කර්මාන්තය,පතල් කර්මාන්තය , ගැල් කර්මාන්තය , ආදී වූ කර්මාන්තවල නියැලුණු එකල ගැමියා තමන්ගේ වෙහෙස මහන්සිය හා එහි ඇති කටුක බව කීමට පමණක් නොව එම කර්මාතයේ නියැලෙන ආදුනිකයෙකු හට එය නිසි ආකාරව කරන්නේ කෙසෙද යන පණිවිඩයද සන්නිවේදනය කරයි.
උදා;
අරන් බලනු සුදු පාටින් බොල් නොනැමෙනවා
සැලසූ ලෙසින් ලැබුවොත් සෙත කිරිවැද සොදටා
නතර නොවන් ගුල් අතරට අරන් දුවනවා
තවද බොහෝ ජන ගී කියවී ඇත්තේ වෘතීමය පසුබිමක් තුළ නිසාවෙනි. එහිදී කෘෂිකර්මාන්තය , පැදුරු කර්මාන්තය,පතල් කර්මාන්තය , ගැල් කර්මාන්තය , ආදී වූ කර්මාන්තවල නියැලුණු එකල ගැමියා තමන්ගේ වෙහෙස මහන්සිය හා එහි ඇති කටුක බව කීමට පමණක් නොව එම කර්මාතයේ නියැලෙන ආදුනිකයෙකු හට එය නිසි ආකාරව කරන්නේ කෙසෙද යන පණිවිඩයද සන්නිවේදනය කරයි.
උදාහරණයක් ලෙස කෘෂිකර්මාන්තයේදී නිසි ආකාරව වතුර බැද බිම් සකස් කර, මඩවා වී වපුරා එම අස්වැන්න ගෙට ගන්නාතෙක් වූ සම්පූර්ණ ක්‍රියාවලිය , ගොයම් කවිය ,නෙළුම් කවිය කමත් කවිය තුළින් අපට දැන ගැනීමට හැකි වන අතර ගොයම් කවියේ පමණක්මත් එම පූර්ණ ක්‍රියාවලිය අන්තර්ගත වේ.
කුසින් බිහිව දරු සුරතල් කවද දකිනවා
හිතින් මෙහෙම මෙත් කරුණාවම සලසනවා
එමෙන් ගොවින් හට කරුණා සිත ඇති වෙනවා
ගැබෙන් බිහිව ඇත සුරතල් කෙතට බසිනවා
ගොසින් බැලුව කල මෙලෙසින් ඇසට පෙනෙනවා
ඉතින් පසුව ඇත පීදුම් මෙමට හැගෙනවා
කිරෙන් බරව මුසු කෙරුමෙන් කරල් නැමෙනවා
මෙබදු කලට ඇති විපතක් දැන පවසනවා
කදිම ලෙසට තිබූ කරල් මැස්සෝ බොනවා
සබද එවිට කෙබදු දෙයක් කරමු කියනවා
ගොවිය ඊට කෙම් කරලත් හොදයි කියනවා
දිමුතු ලෙසින් බබලයි කෙත රන්වන් පාටා
කියති මෙවන් කව කරුණයො අසනු ඉටා
හරින්යි ගිහින් දිය මාවත් පාදා සොදටා
මිතුර කියන් දුරුතු මසට ගොයම් පැසෙනවා
හතුරු කමින් හනි හනිකට මීයො කපනවා
නපුර මෙවන් එවන් කලටසොයා බලනවා
මෙලෙස එකල ගොවියා තම මතු පරපුරට හොවිතැන නිසියාකාරව සිදුකරන ආකාරය ,ගොයමේ කලින් කලට ස්වභාවය , වී කරලින් බොල් හා සරු කරල් වෙන් කර අදුනා ගන්නා ආකාරය , හා එය නිසි අයුරින් නඩත්තු කරන ආකාරය මෙන්ම ගොයම රැකගන්නා ආකාරය මනාව ජන ගීය මගින් පැහැදිලි කර දෙයි. එමෙන්ම එය මනා වැටහීමක් ලැබෙන අයුරින් රසාත්මක සරල භාෂාවක් උපයෝගී කරගනිමින් සන්නිවේදනය කිරීමටද ආදිතමයන් සමත්කම් දක්වා ඇත.
Comments
Post a Comment