ඉපැරණි සංන්නිවේදනය
පුරාණ සන්නිවේදනය
“සන්නිවේදනය" යන
වචනය භාවිතයට පටන් ගන්නේ මෑත යුගයේ දී වුවද ඒ හා සබැදි ඉතා දීර්ඝකාලීන ඉතිහසයක් ඇතිබවට
පුරාණ ලේඛන කළාව ,භාෂාව
මෙන්ම ගැමි සංස්කෘතිකාංග , ජීවනරටාව ආදී එකී මෙකී සියළු දෑ සාක්ෂි දරයි.
නූතනත්වයේ සැඩපහරට
හසු නොවූ එකල ගැමි සුන්දරත්වය මුළු ලොවටම කියාපාන්නේ එකල අව්‍යාජ සමාජ රටාවේ සුගුණ කථනයයි.
ආදී මිනිසා නොදිවුනු ගල් යුගය තුළ තම සන්නිවේදන අවශ්‍යතාවය
සපුරා ගැනීම සදහා හුදෙක් ඔවුනටම ආවේනික වූ ක්‍රම
ශිල්ප කිහිපයක් භාවිතා කල බවට සාක්ෂි ඉතිහසයෙන් හමු වෙයි. ඒවා නම්,
o
දුම මගින්
o
හූව මගින්
o රූප
සටහන්
o සංකේත
o පක්ෂී හා සත්ව නාද රටා
ආදිය උපයෝගී කරගත් අතර එය ඉතාම නොදිවුනු
මට්ටමක පැවතියද රහස්‍ය බාවය ඉතා ඉහලින්ම රැකිනි.
මෙකල ඉතාම වැදගත් සන්නිවේදන
උපක්‍රමය වූයේ රහස් සංකේත භාවිතයයි. එහිදී විවිධ ජන කණ්ඩායම් වලට
, ගෝත්‍ර වලටම ආවේණික වූ සුවුශේෂී සංකේත රටා තිබූ බවට සාධක හමු වී
ඇත . ඉර, හද " ගහ" කොළ දෙස බලා යම් යම් දෑ නිශ්චය
කළ වැසියා තරු රටා උපයෝගී කරගෙන එකිනකාට මාර්ග විස්තර සැපයීමට තරම් දියුණු මට්ටමක විය.
මෙකළ බොහෝමයක් සන්නිවේදන කාර්ය සදහා ස්වභාවික වස්තූන් උපයෝගී
කර ගත්හ. ඉර, හද ,තරු,සුළං ඒ අතර ප්රමුඛ වේ.
දැන් එය කෙලෙසක සිදුවිණිදැයිසොයා
බලමු .
ඉපැරණි ලක්දිව තුළ
මාර්ග ,ප්‍රවාහන,තාක්ෂණ පහසුකම්
මෙතරම් නොදිවුනු කාල වකවණුව තුළ මිනිසා සන්නිවේදනය සිදු කළ විවිධ උපක්‍රම විය . එහිදී
සෙල්ලිපි, අඩබෙර,සංදේශ , හූව, අ~හැරය ,හසුන්
පත් ,දූත සේවය , ඝන්ඨාරය ආදීය එකල සංනිවෙදනයේ ලා ප්‍රමුක තැනැක්
ගන්නා ලදී. මින් බහුතරයක් වූ සන්නිවේදනයන්
සදහා අක්ෂර කලාව ද මුල් කරගන්නා ලදී.
එමෙන්ම ඉතාමත් රසාස්වාදාත්මක සන්නිවේදන ක්‍රමයක් වූ සංදේශ කලාව තුළින් සංදේශ කරු එක් ඉතා සුවිශේසී පණිවිඩයක් දූතයකු අත
ලිඛිතව යවන අතර එය කාව්‍යාත්මක අයුරින්,මෙ
ඉහත සදහන් දෑ වලට අමතරව ඊට නොදෙවෙනි
කර්තව්‍යක් ගැමි සාහිත්‍ය ජන කලාව
හා විවිධ ජන ශ්‍රැතීන්(Folk lore ) ඔස්සේද සිදුවිණි. මන්ද යත් මේ සියල්ල එකල මිනිසගේ ජීවන රටාව
හා තදින්ම සහසම්බන්ද වී තිබුණු බැවිණි.
මෙහි දී ජන ගී ,තේරවිලි ,ජන
කතා , ඇදහිලි ,ගැමි නාටක, සංදේශ , ප්‍රස්ථාව පිරිළු
, ආප්තෝපදේශ , ආදිය ප්රමුඛ ස්ථානයක් ගනී.
සමස්ථයක් කොට ගත් කල මේ සියළුම
අංගයන්හි පොදු වූ චරිත ලක්ෂණ කිහිපයක් වෙයි.
§ සරල බව
§ අව්‍යා ජත්වය
§ රසාස්වදය හා බුද්ධි ප්රබෝධය
§ වටිනාකම්
§ සමාජ ආදර්ශ
§ කළාත්මක හා සරල භාෂාව
( උපමා අලංකාර භාවිතය )
උදාහණයක් ලෙස ,
සූරිය උදාවෙන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා හිත යට කැරකිල්ල
කාරිය කැරෙන තුරු කාගෙත්
රැවටිල්ල .
මෙම ජන ගීය ගත් කළ මෙය පැරැන්නන් ඉතා ඉහළින් විග්රහ කළ ජන ගීයක් වන අතර එමගින් මනා පණිවිඩයක්ද සමාජ ගත කරයි. තමාට තමන් පමනක්
බවත් අන් අයගේ අවශ්‍යතා ඉටුවන තුරු පමනක් ඔවුන් අපහා සිටින වගත් මෙමෙ කවිය මගින්
ගම්‍යමාන වේ. “ තමන් අතට තම අතමය සෙවනැල්ල" යන ආප්තෝපදේශයද මෙම කවියේ පසුතලයට
නෑකම් කියයි.මෙලෙස ඉතා සරල බස් වහරක් යොදා ගනිමින් රසාත්මක බව කාවද්දා එ තුලින් මනා
පණිවිඩයක් සන්නිවේදනය කිරීමට අප මුතුන් මිත්තන් සමත් වී ඇත
කටවහරෙන් පැවත් ගෙන ආවද , ඔවුන්ගේ
ක්ෂනික සිතුවිළි කවි, කතා, නාටක බවට පත් කළද ඒවායේ සුන්දරත්වය අදටත් නොනැසී පවතිනුයේ
එහි ඇති සරල බස් වහර හා නිර්මාණශීලීත්වය මෙන්ම ඔවුන් ඒ සදහා යොදා ගත් අලංකාරයන් නිසාවෙනි.
මෙම ජන මාධ්‍ය තුළින් රසාස්වාදයට
අමතරව කෙරෙන්නා වූ සරල වූත් ,රසාත්මක වූත් නිරව්‍යාජ සන්නිවේදන
කාර්යය අගය කළ යුතුමය.
එසේම , මිනිස් සිත
තුළ ඇතිවන්නා වූ අතෘප්තිකර ආශාව නිසාවෙන් උපදින භය කරණ කොටගෙන ආදීතමයන් විසින්
නොපෙනෙන බලවේග අදහන්නට විය . යක්ෂයන් දෙවියන්, වැනි සංකල්ප සදහා ඔවුන් මහත් බලයක් ආරෝපනය
කල අතර මනසින් හා ජනප්‍රවාදයන්ට අනුව එක් එක් දෙවියාට හා යක්ෂයන්ට අදාලව ප්‍රතිමා ගොඩ නගාගනිමින් වන්දනා මාන කරන්නට විය .
උදාහරණ
v සූනියම් දෙවියෝ
v ගණ දෙවියෝ
v මහසොහොනා
v කළු බංඩාර දෙවියෝ ( යක්ෂයෙකු වශයෙන්ද සැලකේ)
ගත හැකිය.
දෙවියන්ට තම දුක කීම “කන්නලව් කිරීම” ලෙසත් , දෙවියන්ට
පුද පූජා නිසි අයුරින් පැවැත්වීම “පිළිවෙත්
කිරීම ” ලෙසත්, දෙවියන්ට පුදන දෑ “පූජා වට්ටි ” ලෙසත් හැදින් වූ අතර දේව භාෂාව ප්‍රගුණ කළ තැනැත්තා “කපුවා” ලෙසත් හැදින් වූ අතර දෙවියන්ගේ පණිවිඩ සාමාන්‍ය ගම් වැසියාට පරිවර්තනය කරන ලද්දේ ඔහු විසිනි. එහිදී දෙවියන්ට දුක කියා ශානිතියක්
බලාපොරොත්තු වීම “භාර වීම ” ලෙස හැදින් වූ
අතර එම අපේක්ෂාව ඉටු වූ පසු දෙවියන් සතුටු කිරීම සදහා විවිද පූජාවන් සිදු කෙරිනි .
මෙහිදී පහන් ,කපුරු දුම් , යාතිකා ආදිය මගින් එකල ජනයා දෙවියන් හා ඒකාත්මික වීම දක්නට
ලැබුණි. දෙවියන් යනු යහපත් පැතිකඩ නිරූපනය කළ
කොට්ඨාසයක් වූ අතර විවිධ කර්මාත ,හා ප්‍රදේශයන් සදාහා
භාරා වූ වෙනම දෙවියන් හා දෙවගනන් විය .
උදා;
සංගීතයට අධිපති සරස්වතී දෙවගන
ඉගනීමට අධිපති ගණ දෙවියන්
කුරුණෑගලට
අධිපති අයියනායක දෙවියන්
කතරගමට කතරගම
දෙවියන්
ආදී ලෙස වූ වර්ග කිරීම් දැකිය හැකිය . එමෙන්ම එකල
සිට පැවත එන දේවභාෂාව පරම් පරාවෙන් පරම් පරාවට උරුම වී ඇත
එමෙන්ම යක්ෂ ඇදහීමද ඒ හා සමානව තිබූ අතර නපුරට අධිපතීන් ලෙස යක්ෂයන් සැළකිනි. යක්ෂයන්ට පුද පූජා දීම “දොළ
පිදේනි” ලෙස හන්දුන්වන අතර යක්ෂයන් හා සබදතා පවත්වන්නා “කට්ටඩියා” ලෙසත් එකල ගැමියන්
හදුන්වන ලදී. එමෙන්ම එකල යකුන් බැද වැඩ ගත් බවද
ජනප්‍රවාද තුළින් අනාවරණය වේ. එමෙන්ම දෙවියන් ,යකුන් හා පැරැන්නන් ගණුදෙනු කිරීමේදී සන්නිවේදන මාධ්‍ය ලෙස දුම්මල, ගින්දර,බෙර හඩ හා මන්ත්‍ර , ගාතා භාවිතා
කර ඇත.
මෙලෙස එකල ජනවා මහත් ලෙස නොපෙනෙන
අද්භූත සංකල්ප තරයේ විශ්වස කල අතර අද පවා ඒවායේ
ආභාශය දැකිය හැකිය ,
එමෙන්ම අදුන් බැලීම , සාස්තර ඇසීම ආදිය මගින් ගැමියා තමා නොදත් අතීත, අනාගත
සිදුවීම් පිළිබ්ද ඉගිකිරීම් දැන ගත් අතර ඒවායේ
100සත්‍ය හෝ අසත්‍ය බාවය සනාථ කල නොහැක . එමෙන්ම කට කථා , ජනප්‍රවාද ද එකල ප්‍රධාන සන්නිවේදන අංගයක් විය
නිමි !
👍
ReplyDeleteඉතාම ප්රශස්ත මට්ටමෙ ලිපියකි.ස්තූතියි .
ReplyDeleteThe Best Casino Games at Mohegan Sun - MapYRO
ReplyDeleteThe casino is located in 남양주 출장샵 Mohegan Sun 양주 출장샵 at 1 Mohegan Sun Boulevard. The casino 전라북도 출장샵 has over 300 slot 김제 출장샵 games including 광주광역 출장샵 blackjack, video poker, craps, roulette and
Perfect
ReplyDelete