Posts

Showing posts from November, 2017

පියාගෙන් ලිපියක්

Image
පුතා වෙත ලියමි , කන් දෙකේ ගහගෙන හෑන්ඩ් ෆ්රී ඔය වගේ හිටියාට ඇස් පියන් පොප් හිපොප් ලෝකයේ තාත්තාගේ පණ යන වෙල් කමත් ජීවිතේ කෙදිරිල්ල අහපන් ඉද හිටවත් පුතේ ඉදගෙන රජා සේ ප්ලාස්ටික් ආසනේ දවසෙම  ගැහුවත් ගේම් කොම්පියුටරේ කුස්සියේ ඉදගෙන අම්මා දුම්ගොඩේ ගහන ගේමට පරාදයි උඹ ලොකු පුතේ චග්ගුඩු , පංච කෙළි ,කොට්ට පොර තිබුනා උඹලාගේ අප්පොච්චි ජීවිතේ වින්දා මල්වැටුනු චීත්තෙන් උඹලගේ අම්මා මගෙ පුංචි පැල් කොටේ මන්දිරේ කෙරුවා රාත්‍රියෙ සැරිසරන වෙබ් අඩවි විජිතයේ සළු පිළි ලෙහුනාට හෙළුවැලි ජීවිතේ දිග ගව්ම ඇන්දාම ගම්බද කෙල්ලගේ ලස්සන කොහෙද බං බිකිණි අඬනිරුවතේ සෙල්ල්සම් කෙලිකවට තිබුනාද ජීවිතේ ආදරේ වින්දාද යොවුන් විය හිනිපෙතේ මුලා වූ අන්ධ වූ සෝබන ජිවිතේ කරගත්තු කසාතේ ෆේස්බුක් ටුයිටරේ විසබීජ ගොඩ ගැහුනු සයිබර් අවකාශයේ කකුල්දෙක උඩ තියන් ඇවිද්දත් මගෙ පුතේ කී බෝඩෙ අතගපු දෑතටවත් නුඹේ දැනුනාද උනුහුම මිනිසෙකුගෙ හදවතේ                                               ...

ජන කවියේ මාධූර්‍ය

Image
ජනකවිය වනාහී අපට අපගේ පුරාණ මුතුන්මිත්තන්ගෙන් ලැබුණා වූ දායාදයකි. එය එකල ඔවුන්ගේ සරල ජීවන රටාව මනාව හෙලිදරව් කරයි . ගමයි, පංසලයි,වැවයි, දාගැබයි, යන තේමාව පෙරටු කරගත් ඔවුන් තම හදවතින්ම සිංහලත්වයට ගරු සරු ඇත්තවුන් විය . සරළ  භාෂාවක් යොදා ගත්තද ජන කවිය තුළින් අන් සිත් ආකර්ෂණය කරගැනීමට ඔවුන් සමත් කම් දැරීය . පුරාණ වෙදකම, කර්මාන්ත , ගැමි කතුන්ගේ සුන්දරත්වය , ජීවන රටාව, උපදේශ , පරිසර වර්ණනා , ඉතිහාස කතා, අදී එකී මෙකී සියළු දෑ එවහි අන්තර්ගත වීම පුදුම එලවන සුළුය . ඒ අතරින් ජන කවියා ගැමි කතුන්ගේ  සුන්දරත්වය ඉහළින්ම වර්ණනා කල අතර ඉන් ඔවුන් එම සුන්දරත්වයට වචනයකින්වත් හානියක් නොවන පරිදි ඔවුන්ගේ සිතුම් පැතුම් කවියට නැගීමට තරම් සොදුරු විය . කතෘ අවිනිශ්චිත වුවද ජන ගී පරම් පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවේ එහි ඇති වියත් බව මෙන්ම සොදුරු බව නිසාවෙනි.  මෙහිදී එකළ ගැමියන් අතර සංවාදත්මක ලෙස සිදු වූ යම් යම් සන්නිවේදන කටයුතු දැකිය හැකිය . ඒ සදහා ඔවුන් ජන ගීය  යොදාගෙන ඇත . එකෙකු නගන   ප්‍ර ශ්නයකට හෝ කරුනකට  කවියෙන් හෝ තේරවිලි ස්වරූපයෙන් පිළිතුරු දීම් ප්‍ර තික්ෂේප කිරීම, අනුමත ...

සොදුරු ගැමි කත

Image
සුන්දර ලියේ ..... රෙද්දට හැට්ටයට හැඩ වුණු ඔසරියට , මනරම් දසුන් විහිදයි ගැමි ලලනාව . ගෙඩි මාලයට , කම්බායට ,වළළු වට,  ඇගෙ රුව දිලෙයි පුන් පෝ දා සඳ විලස,  ඔළිද පෝරු , පංච කෙළිය , පිල්ලැස්ස , ඇගෙ කින්කිණිය පතුරයි මුළු ගම අස්ස , කලයට නිසි ලෙසට හැඩ වුණු පුළුලුකුළ, ආරිය කුල තාලයකට යන ගමන , පස් කල්‍යාණයෙන් පිරුනා වූ ගැමි ලලන,  කිරි උතුරවයි කිරිලකටම සෙත සදන .......

ඉපැරණි සංන්නිවේදනය

Image
පුරාණ සන්නිවේදනය  “සන්නිවේදනය"   යන වචනය භාවිතයට පටන් ගන්නේ මෑත යුගයේ දී වුවද ඒ හා සබැදි ඉතා දීර්ඝකාලීන ඉතිහසයක් ඇතිබවට පුරාණ ලේඛන කළාව ,භාෂා ව මෙන්ම ගැමි සංස්කෘතිකාංග , ජීවනරටාව ආදී එකී මෙකී සියළු දෑ සාක්ෂි දරයි.   නූතනත්වයේ සැඩපහරට හසු නොවූ එකල ගැමි සුන්දරත්වය මුළු ලොවටම කියාපාන්නේ එකල අව්‍යා ජ සමාජ රටාවේ සුගුණ කථනයයි. ආදී මිනිසා නොදිවුනු ගල් යුගය තුළ තම සන්නිවේදන අවශ්‍යතා වය සපුරා ගැනීම සදහා හුදෙක් ඔවුනටම ආවේනික වූ ක්‍ර ම ශිල්ප කිහිපයක් භාවිතා කල බවට සාක්ෂි ඉතිහසයෙන් හමු වෙයි. ඒවා නම්, o    දුම මගින් o    හූව මගින් o    රූප සටහන් o    සංකේත o    පක්ෂී හා සත්ව නාද රටා                  ආදිය උපයෝගී කරගත් අතර එය ඉතාම නොදිවුනු මට්ටමක පැවතියද රහස්‍ය    බාවය ඉතා ඉහලින්ම රැකිනි. මෙකල ඉතාම වැදගත් සන්නිවේදන උපක්‍ර මය වූයේ රහස් සංකේත භාවිතයයි. එහිදී විවිධ ජන කණ්ඩායම් වලට , ගෝත්‍ර  වලටම ආවේණික වූ සුවුශේෂී සංකේ...

කෙතේ සුවද

Image
යකඩ කෙත   උදා ඉර ගම් දනව් යා කර , නැවුම් සුවදැල් පුසුබ ඉහිරූ,  එකම යායකි ගම්මානෙ මැද,  ගමේ නායක ගෙපිල සෑදූ , මහරැ යුධයකි නැගි අරුණ හා,  දනව් පීරා ගොවින් එකළු .... මඩ පිටින් වැද කෙතට බැස් සද , මුළු ගමට බත සරිය පීදූ ... අනේ මේ කල කොහි හොයන්නද,  එවැනි අම්බරු යාය මැඩ වූ ... නොමැති කින්කිණි රාව ගෙවිලියෙ,  ගොළුව ඇත අද කමත සොදුරු    ............